පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ජර්මනියට ගිය චීන අගමැති

පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ජර්මනියට ගිය චීන අගමැති

චීන අග්‍රාමාත්‍ය Li Qiang, සිය ධුරයට පත් වීමෙන් අනතුරුව සිදු කරන පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ජර්මනිය වෙත පැමිණ තිබෙනවා.

එරට ජනාධිපති Frank-Walter Steinmeier විසින් Bellevue මාළිගයේ දී චීන අග්‍රාමාත්‍යවරයාව පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සංචාරය අතරතුර දී චීන අග්‍රාමාත්‍යවරයා ජර්මනියේ ඉහළ පෙළේ නියෝජිතයින් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

ජර්මානු සංචාරයෙන් අනතුරුව චීන අග්‍රාමාත්‍ය Li Qiang ප්‍රංශයේ ද සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This