ප්‍රංශ නිවාඩු නිකේතනයක ගින්නකට හසුව 11 දෙනෙක් මියගිය බවට සැකයක් ?

ප්‍රංශ නිවාඩු නිකේතනයක ගින්නකට හසුව 11 දෙනෙක් මියගිය බවට සැකයක් ?

ආබාධ සහිත පුද්ගලයින් නවාතැන් ගෙන සිටි ප්‍රංශ නිවාඩු නිකේතනයක ඇති වූ ගින්නකින් අවම වශයෙන් 11 දෙනෙකු මියගිය බවට විශ්වාස කෙරෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

පැරිසියේ සිට සැතපුම් 315ක් පමණ නැගෙනහිරින් ජර්මානු දේශසීමාව ආසන්නයේ පිහිටි කුඩා නගරයක් වන Wintzenheim හි මෙම ගින්න ඇතිවූ බවයි පැවසෙන්නේ

ගිනි නිවන භටයින් 76 ක්, ගිනි නිවන රථ 4 ක් සහ ගිලන් රථ 4 ක් ගින්න මැඩපැවැත්වීම සඳහා යොදවා ඇති අතර එරට වේලාවෙන් පෙරවරු 9 පමණ වන විට ගින්න පාලනය කිරීමට හැකි වූ බව බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා

ගොඩනැගිල්ලෙන් පුද්ගලයින් 17 දෙනෙකු ඉවත් කර ඇති අතර එක් අයෙකු රෝහල් ගත කර තිබෙනවා .

ගින්නට හේතුව මෙතෙක් පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ගිම්හාන නිවාඩු කාලයේදී මෙම නිවස ආබාධිත පුද්ගලයින් සඳහා නවාතැන් ගැනීම සඳහා ලබා දී ඇති අතර මෙම කණ්ඩායම Wintzenheim සිට කිලෝමීටර් 140 ක් වයඹ දෙසින් පිහිටි නැන්සි නගරයේ සිට සංචාරය කර ඇති බවයි පැවසෙන්නේ

ගින්න හටගන්නා විට ගොඩනැගිල්ල තුළ සිටි පුද්ගලයින් සොයා ගැනීමට නොහැකි වූ බව බලධාරීන් සඳහන් කර ඇති අතර බිම් මහලේ සිටි අයට ඉක්මනින් ගොඩනැගිල්ලෙන් පිටව යාමට හැකි වූ නමුත් ඉහළ මාලයේ අයට නොහැකි වූ බවත් සඳහන් කරනවා

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් කියා සිටියේ විපතට පත් වූවන් සහ ඔවුන්ගේ පවුලේ අය වෙත ශෝකය පළ කර තිබෙනවා

මෙම ගොඩනැගිල්ල මහල් තුනක නිවාඩු නිකේතනයක් බවත් එයින් තුනෙන් දෙකක් ගිනිගෙන ඇති බවත් ගිනි නිවන භටයින් පවසනවා

Share This