ප්‍රංශයට බලපෑ ඇති ආපදා නිසා 14 දෙනෙකු මරුට
ප්‍රංශයට බලපා ඇති චිඩෝ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.
සුළි කුණාටුව හේතුවෙන් හටගෙන ඇති අධික වර්ෂාපතනය නිසා එරට නගර රැසකින් ආපදාවන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
ආපදා තත්ත්වයෙන් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සුළි කුණාටුව පැයට කිලෝමීටර් 500ක පමණ වේගයකින් හමා යන බවට එරට කාලගුණ අංශ අනාවැකි පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.