ප්‍රංශයේ ගබ්සා නීතිය එරට ව්‍යවස්ථාවට ඇතුළත් කෙරේ

ප්‍රංශයේ ගබ්සා නීතිය එරට ව්‍යවස්ථාවට ඇතුළත් කෙරේ

ගබ්සා කිරීමේ අයිතිය ව්‍යවස්ථාවෙන්ම තහවුරු කිරීමේ යෝජනාවක් ප්‍රංශ සෙනෙට් සභාව අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව අදාළ යෝජනාවට ඊයේ (28) දිනයේ පක්ෂව ඡන්ද 267ක් ලැබී ඇති බව සඳහන්.

ගබ්සාව 1974 වසරේ සිට ප්‍රංශයේ නීත්‍යානුකූලව පැවති අතර එය තවදුරටත් ව්‍යවස්ථාව මඟින් තහවුරු කිරීමට අදාළවයි මෙය ඉදිරිපත් කර ඇත්තේ

කෙසේ වෙතත් මේ සඳහා පහෙන් තුනක බහුතරයික් සම්මත වී ඇති බැවින් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යතාවක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ප්‍රංශය කාන්තාවන් ආරක්ෂා කිරීමට නැගී සිටින බව එරට අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා

Share This