ප්‍රංශයේ ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

ප්‍රංශයේ ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

ප්‍රංශයේ දී ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

සැහැල්ලු වර්ගයේ ගුවන් යානයක් එහි ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස හදිසියේ ගොඩබස්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යානයේ පුද්ගලයින් තිදෙනෙකු සිට ඇති අතර එය ගොඩබැස්වීමෙන් අනතුරුව ඔවුන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

අදාළ ගුවන් යානයේ එන්ජිමෙහි දෝෂය හටගෙන ඇති බවටයි සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

කාර්මික දෝෂය හටගැනීමත් සමග යානය නේවාසික ප්‍රදේශයකට ගොඩබස්වා ඇති අතර එහිදී නිවසක තාප්පයකට ද හානි සිදුව තිබෙනවා.

ගොඩබැස්වීමට යාමේ දී යානයට ද හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This