ප්‍රංශයේ විරෝධතා තවදුරටත් -පැරිස් නගරාධිපතිවරයාගේ නිවසටත් ප්‍රහාර

ප්‍රංශයේ විරෝධතා තවදුරටත් -පැරිස් නගරාධිපතිවරයාගේ නිවසටත් ප්‍රහාර

ප්‍රංශයේ විරෝධතාවල නිරතව සිටින විරෝධතාකරුවන් පැරිස් නගරාධිපතිවරයෙකුගේ නිවසට ගිනි තැබීමට උත්සාහ කර ඇති අතර පලා යාමට උත්සාහ කළ නිලධාරියාගේ බිරිඳට සහ දරුවන්ට ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

මෙම සිදුවීම නගරාධිපතිවරයාට දැඩි කම්පනයක් ඇති කර ඇති අතර එය මිනීමැරීමට තැත් කිරීමක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ .

අගමැති Elisabeth Borne මෙවැනි තත්ත්වයන් ඉවසිය නොහැකි දෙයක් ලෙසටයි විස්තර කර ඇත්තේ

ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ නගරාධිපති Vincent Jeanbrun නිවසේ නොසිටි බවත් ප්‍රහාරයෙන් ඔහුගේ බිරිඳගේ කකුලක් කැඩී ඇති අතර දරුවෙකුටද තුවාල සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම සිදුවීමේ සැකකරුවන් හඳුනාගෙන නොමැති බවද සඳහන් .

අණ නොතකා රථයක් ධාවනය කළ 17 හැවිරිදි රියදුරෙකුට ප්‍රංශයේ පොලිසිය වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු ඇති වූ විරෝධතා තවදුරටත් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This