ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 7.75 යි. වෙනසක් නැහැ…

ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 7.75 යි. වෙනසක් නැහැ…

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඊයේ (25) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75 මට්ටමේම නොවෙනස්ව පවතිනවා.

දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇති අතර වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5%ක ඉලක්කයක් කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මණ්ඩලයේ අදහසයි.

Share This