ප්‍රබල අකුණු ඇතිවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ඇතිවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ඇතිවීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (07) ප.ව. 02.00ට නිකුත් කරන ලද එම නිවේනදය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක්ද පවතින බව සඳහන්.

තවද කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුව නිවේදනය කරන්නේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Share This