ප්‍රභාත් ජයසූරිය ICC ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට

ප්‍රභාත් ජයසූරිය ICC ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය නවතම ශ්‍රේණිගත කිරීම්වල 06වන ස්ථානයේ පසුවනවා.

ඔහු මීට පෙර ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පසුවූයේ 09 වැනි ස්ථානයේයි.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එකම ටෙස්ට් තරගයේ දී දැක්වූ කුසලතා නිසා ප්‍රභාත් ජයසූරිය මෙසේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත් වුණා.

ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගයේ, තරගයේ වීරයේ බවට පත් වූයේ ද ප්‍රභාත් ජයසූරියයි.

ඒ අනුව ICC හි ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව පළමු පහළොස්දෙනා පහතින්,

Share This