
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවේ ඖෂධ සමාගමේ හිමිකරුගේ ඇප ඉල්ලීමේ තීරණය අගෝස්තු 07 ට කල් යයි
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රෝහල්වලට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවකු වූ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අදාළ ඖෂධ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා විසින් ගොනු කරනු ලැබූ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු මස 07 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්දිකා කාලිංගවංශ මහත්මිය නියෝග කළා.
එම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමේ සිද්ධියේ පලමු සැකකරු ලෙස පෙත්සම්කාර ඖෂධ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නම් කර තිබෙනවා.
වසර එකහමාරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදා හැරීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව සැකකරු සඳහන් කළා.
ඒ අනුව තමන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝග ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදා හරින ලෙසයි විත්තිකරු කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා තිබුණේ.