ප්‍රමිතියෙන් තොර සබන් නිසා බිළිඳුන්ගේ සංකූලතා (VIDEO)

ප්‍රමිතියෙන් තොර සබන් නිසා බිළිඳුන්ගේ සංකූලතා (VIDEO)

ප්‍රමිතියෙන් තොර සබන් භාවිතය නිසා කුඩා දරුවන්ගේ සමෙහි විවිධ සංකූලතා ඇති වී තිබෙන බව වාර්තා වනවා.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ භාණ්ඩාගාරික ප්‍රියංගනී සුසංගිකා මහත්මිය පවසා සිටියේ වර්තමාන ආර්ථික තත්ත්වය මත දෙමව්පියන් ප්‍රමිතියෙන් තොර සබන් තම දරුවන්ට භාවිතා කිරීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

එමෙන්ම එය අනාගතයේදී දැඩිව බලපෑමකට ලක්වන බවද එම මහත්මිය සඳහන් කර සිටියා.

ප්‍රියංගනී සුසංගිකා මහත්මිය අවධාරණය කර සිටියේ දරුවන් සඳහා සබන් වර්ග භාවිතා කිරීමේදී සැලකිලිමත් වියයුතු විශේෂම කරුණ වන්නේ ඒවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නිකුත් කළ සහතිකය සහිත බේබි සබන් වර්ගයක්ද යන්න නිර්දේශ කොට ඇතිද යන්න සොයාබැලිය යුතු බවයි.

බිළිඳු සම ඉතාම සංවේදී බැවින් දෙමව්පියන් ආර්ථික මට්ටම හමුවේ ප්‍රමිතියෙන් තොර සබන් භාවිතා කිරීමේදී ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ භාණ්ඩාගාරික ප්‍රියංගනී සුසංගිකා මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

 

Share This