
ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි දිවිසැරිය නිම කරයි
ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කළක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය මිය යන විට ඇය 61 හැවිරිදි වියේ පසුවුණා.
මෙරට සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වූ සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය, 1986 වසරේ සිට නිර්මාණ රැසකට දායකත්වය ලබාදුන්නා.
කන්දෙගෙදර ටෙලිනාට්‍යයේ චාරුලතා චරිතය හරහා ඉතා ජනප්‍රියත්වයට පත් වූ ඇය තවත් නිර්මාණ රැසකට දායකත්වය දෙමින් සිය රංගන හැකියාව විදහා දැක්වූවා.
සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය, ප්‍රවීණ රංගන ශිල්පිනී තිසුරි යුවනිකා මහත්මියගේ ආදරණීය මෑණියන් ද වනවා.