ප්‍රීතිමත් රාමසාන් උත්සවයක් සඳහා ජනපතිගෙන් සුභාශිංසන (VIDEO)

ප්‍රීතිමත් රාමසාන් උත්සවයක් සඳහා ජනපතිගෙන් සුභාශිංසන (VIDEO)

ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස කරනුයේ තමන් වෙතද, අනුන් වෙත ද යහපත උදාකර දීමේ අරමුණ ඇතිව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාමසාන් දින පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

ආදියේ සිට පැවත එන මේ සද් සිරිත අනුගමනය කිරීමෙන් ජීවිතය දැහැමි කරගත හැකි බව ශුද්ධ වූ කුරාණයේ පෙන්වා දී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

උපවාස සමයෙන් පසු මෙවර ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් භක්තිකයන් රාමසාන් සමරනුයේ පොදුවේ අපේ රට වඩාත් යහපත් මට්ටමක් කරා එළැඹෙමින් පවතින අවධියකයි.

ගෙවුණු දුෂ්කර කාලසීමන්හි දී පවා, ඔවුහු ආගමානුකූලව උපවාසයේ යෙදෙමින් තමන්ටත්, සමාජයටත් යහපත ප්‍රාර්ථනා කළා.

පරිත්‍යාගය, ආත්ම දමනය සහ ඉවසීම ප්‍රධානව රාමසාන් සමය තුළ ඉස්මතු කෙරෙන හර පද්ධතීන් අගයමින් ශ්‍රී ලාංකේය මෙන්ම සමස්ත ලෝකවාසී සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිඳියාව සහ යහපත සෑදෙන ප්‍රීතිමත් රාමසාන් උත්සවයක් වේවා යැයි සුභාශිංසන පිරිනමන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This