ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ ඝාතනයට සැක පිට බාල පුතා අත්අඩංගුවට

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ ඝාතනයට සැක පිට බාල පුතා අත්අඩංගුවට

තේ අපනයන සමාගමක හිමිකරුවකු මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ගුලාන් හුසේන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බාල පුතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

2017 මැයි මස 9 වැනි දා මෙම ව්‍යාපාරිකයා මරණයට පත්වූ අතර ඔහුගේ මරණය ස්වභාවික මරණයක් ලෙස තීන්දු කර කෝට්ටේ ප්‍රදේශයේ සුසාන භූමියක කර මිහිදන් කෙරුණා

මෙම මරණය සම්බන්ධයෙන් මරණය සිදුව වසර 2කට පමණ පසු ඇති වූ ඇති වූ සැකය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා

ඒ අනුව 2019 වර්ෂයේදී ව්‍යාපාරිකයාගේ මළ සිරුර ගොඩගෙන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනකුගේ අධීක්ෂණයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වුණා

එහිදී නිරීක්ෂණය වී ඇත්තේ ව්‍යාපාරිකයාගේ හකු ඇටයක පිපිරීමක් හා වම්පස ඉල් ඇටයක පිපිරීමක් සිදුවී ඇති බවයි

එය මොට බලයකින් සිදු වූ බාහිර තෙරපුමකින් සිදුවූවක් බවත් මෙලෙස මොට ආයුධයකින් පහර දී ඇත්තේ ගෙල ටයි පටියකින් සිර කිරීමෙන් බව වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා

අත්අඩංගුවට ගත් තිස්හත් හැවිරිදි සැකකාර බාල පුතු ව්‍යාපාර කටයුතුවල නියැළෙන්නෙක් වන අතර දේපල ලබා ගැනීමේ අරමුණින්  මෙම ඝාතනය කර ඇත්දැයි පරීක්ෂණ මෙහෙයවනවා

Share This