
පාකිස්ථාන කණ්ඩායමට ජය
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (04) පැවති 35වැනි තරගය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 21කින් ජය හිමි කර ගැනිමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
ඒ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 25යි පන්දු 03ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 200ක් ලබාගෙන සිටි පාකිස්ථානය ජය ගත්තා
කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නවසීලන්තයට ආරාධනා කළ අතර ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 දැවී ලකුණු 401ක් ලබා ගත්තා
තරගයේ ලකුණු සටහන පහතින්


