
පාකිස්ථාන කණ්ඩායමට ලකුණු 81ක ජයක්
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (06) පැවති තරගයෙන් ලකුණු 81ක ජයක් ලබා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා
ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා පාකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර 49කදී සියලු දෙනා දැවී ලකුණු 286ක් ලබා ගත්තා.
අනතුරුව 287 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 41 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 205 ක් පමණයි
තරගයේ ලකුණු සටහන පහතින්


