
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට (Photos)
තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සඳහා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.
කටුනායක ගුවන්තොටුපොළින් එම කණ්ඩායම අද(09) පෙරවරුවේ දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
කණ්ඩායම් දෙක සහභාගී වන පළමු තරගය ලබන 16වනදා පැවැත්වීමට නියමිතයි.
ඒ ගාල්ල ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
දෙවන තරගය ලබන 24වනදා කොළඹ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
