
පාකිස්ථාන සුපර් ලීග් යළි ඇරඹෙයි
තාවකාලිකව අත්හිටුවා තිබූ පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 17 වනදා නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කළා.
සංශෝධිත කාලසටහනට අනුව ලබන 25 වනදා ඩාෆි ක්‍රීඩාංගණයේදී පාකිස්ථාන සුපර් ලීග් අවසන් මහා තරගය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
තරගාවලියේ ආරම්භක තරග රාවල්පින්ඩි සහ ලාහෝර් යන ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතයි.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර පසුගියදා හටගත් ගැටුම් හේතුවෙන් පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය කල් දැමුණා.
ඒ අනුවයි ලබන 17 වනදා එම තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ.