පාකිස්ථාන හමුදා හෙලිකොප්ටර් යානයක් බලුකිස්ථානයේදී කඩා වැටෙයි -6ක් මරුට

පාකිස්ථාන හමුදා හෙලිකොප්ටර් යානයක් බලුකිස්ථානයේදී කඩා වැටෙයි -6ක් මරුට

පාකිස්ථාන හමුදා හෙලිකොප්ටර් යානයක් බලුකිස්ථානයේදී කඩා වැටීමෙන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

එරට හමුදාව පවසා තිබෙන්නේ රටේ නිරිතදිග ප්‍රදේශයේ රාත්‍රී මෙහෙයුමක් අතරතුර හෙලිකොප්ටරය කඩා වැටුණු බවයි

බලුකිස්ථානයේ ක්වෙටා අගනුවර සිට දළ වශයෙන් සැතපුම් 75 දුරින් පිහිටි කොස්ට් නගරය ආසන්නයේ මෙහෙයුම් ගුවන් ගමනක් අතරතුර හෙලිකොප්ටරය කඩා වැටීමෙන් එහි සිටි සියලුදෙනාම මිය ගොස් ඇති බව පාකිස්ථාන හමුදාව තහවුරු කර තිබෙනවා

සිදුවීමට හේතුව කුමක්ද යන්න හෝ ප්‍රදේශයේ ඔවුන්ගේ ක්‍රියාන්විතයේ ස්වභාවය ඔවුන් විස්තර කර නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This