පාකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සිරදඬුවම්

පාකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සිරදඬුවම්

පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට අධිකරණයක් විසින් වසර 3ක සිරදඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙනුයි ඔහුට අධිකරණය විසින් අදාළ සිරදඬුවම නියම කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව ඔහුව අද (05) ලාහෝර්හිදී අත්අඩංගුවට ගත් බවයි

ඉස්ලාමාබාද් අධිකරණයේ දී විභාග වූ අදාළ නඩුවේදී ඔහුට වසර පහකට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීම ද තහනම් කර කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉම්රාන් ඛාන් විසින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්

Share This