
පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
පාකිස්ථානයේ ආරක්ෂක මුරපොළක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ළමුන් ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.
පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් මුරපොලට කඩා වැදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහිදී ළමුන් 06 දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 13 දෙනෙකු මියගොස් ඇති අතර හමුදා සෙබළුන් 05 දෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
සටන්කාමීන් සිව් දෙනෙකු ද මියගිය අය අතර වන බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු සංවිධානයක් විසින් භාරගෙන නැහැ.