පාකිස්ථානයේ ළමුන් මිලියන 4කට පමණ පිරිසිදු ජලය නෑ

පාකිස්ථානයේ ළමුන් මිලියන 4කට පමණ පිරිසිදු ජලය නෑ

පාකිස්ථානයට ගංවතුර ඇතිවී වසරක කාලයකට පසුවත් ළමුන් මිලියන 4 ක් පමණ පිරිසිදු ජලය නොමැතිව රැඳී සිටින බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය අනතුරු අඟවා තිබෙනවා

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් යුනිසෙෆ් කියා සිටියේ රට තුළ මිලියන 8 ක ජනතාවක් සිටින බවත්, ඔවුන්ගෙන් අඩක් පමණ ළමයින් බවත්, ඔවුන් ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල පිරිසිදු ජලය නොමැතිව දිගටම ජීවත් වන බවත්ය.

පසුගිය වසරේ පාකිස්ථානයේ උතුරු කඳුකර ප්‍රදේශවල වාර්තාගත මෝසම් වැසි සහ ග්ලැසියර දියවීම හේතුවෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 1,600 කට ආසන්න සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වූ අතර තවත් මිලියන 33 කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වුණා

පාසල් 30,000ක්, සෞඛ්‍ය පහසුකම් 2,000ක් සහ ජල පද්ධති 4,300ක් පමණ හානි වී හෝ විනාශ වී ඇති බවයි යුනිසෙෆ් පවසා සිටියේ

ගංවතුර බැස යාමට පටන් ගත් විට, ජලය ආශ්‍රිත රෝග රාශියක් දහස් ගණනකට ආසාදනය වීමට පටන් ගෙන ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ළමයින් බවයි වාර්තාවල දැක්වුයේ .

දරුවන්ට පාචනය, අතීසාරය, ඩෙංගු උණ සහ මැලේරියාව ආසාදනය වීමෙන් තවත් උග්‍ර තත්ත්වයට පත්ව තිබෙන බව සඳහන්

පාකිස්ථානයේ දැනටමත් දරුණු ආර්ථික අර්බුදයකින් පෙළෙන අතර ගංවතුර නිසා මිලියන ගණනකගේ ආර්ථික තත්ත්වය තවත් උග්‍ර කරමින්, පවුල් බොහෝ දෙනෙකුට ආහාර, ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා

පසුගිය මාසයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පාකිස්ථානයට ඩොලර් බිලියන 3ක ඇපදීමක් අනුමත කළ අතර, වසරක කාලයකට සහනයක් ලබා දී තිබෙනවා

Share This