පාකිස්ථානයේදී ත‍්‍රස්තවාදී චෝදනා මත අත්අඩංගුවට ගත් නීතිඥයෙකුට ඇප

පාකිස්ථානයේදී ත‍්‍රස්තවාදී චෝදනා මත අත්අඩංගුවට ගත් නීතිඥයෙකුට ඇප

ත‍්‍රස්තවාදී චෝදනා මත අත්අඩංගුවට ගත් පාකිස්ථානයේ ප‍්‍රකට මානව හිමිකම් නීතිඥයෙකුට ඇප ලබාදී තිබෙනවා.

අගෝස්තු 20 වනදා එරට දේශීය වේලාවෙන් 03:30 ට පමණ Imaan Mazari-Hazir ගේ නිවසට ඇතුළු වූ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

බලගතු හමුදාව විවේචනය කරමින් කරන ලද කථාවකින් පසු ඇයව මෙලෙස අත්අඩංගුවට ගැනුණු අතර ඇයව අත්අඩංගුවට ගැනීම සමාජයේ දැඩි විවේචනයට ලක්වුණා

මේ අතර විශ්ලේෂකයින් පවසන්නේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතා දැක්වූ පිරිස් විසින් මැයි මාසයේදී හමුදා ස්ථාන වලට පහර දීමෙන් පසුව මර්දනය වැඩි වී ඇති බවයි.

Share This