
පානදුර නිලංග ගේ ගෝල අමිත් දින 7 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර
පානදුර නිලංග ගේ ගෝල අමිත් කුමාර නමැත්තා දින 7 ක් රදවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා අද(08) අවසර දුන්නා.
කළුතර අපරාධ කොට්ටාශයේ නිළධාරින් සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලා සිටියා.
සැකකරු විදෙස් රටක සිට මෙරටට ගෙන්වන ලද අපරාධකරුවන් සමග සම්බන්ධවී මත්කුඩු ජාවාරම් කරගෙන ගොස් ඇති බවටත් ඔහුගේ දුරකථන වාර්තා සහ බැංකු ගිණුම් පරීක්ෂා කර ඒ පිළිබඳ වාර්තා කරන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
සැකකරු ජාවාරම්කරුවන් සමග සම්බන්ධවී ව්‍යාපාරයක් ලෙසින් මත්කුඩු ජාවාරම කරගෙන ගොස් ඇති බැවින් ඔහුගෙන් කල ප්‍රශ්න කිරීම් වලදී තවත් එවැනි මධ්‍යස්ථානයක් පිළිබඳ වාර්තා වූ බවත් ඒ සම්බන්ධයෙන්ද විමර්ශන කර අධිකරණයට වාර්තා කරන බවද පොලිසිය වැඩිදුරටත් එහිදී කියා සිටියා.
සැකකරු අධිකරණ වෛද්‍ය නිළධාරිවරයාට ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනිමෙන් අනතුරුව දින 7 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදුන් අතර, සැප්තැම්බර් 14 දා නඩුව යලි කැදවිමට නියෝග කළා.