පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත් අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත් අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා කොටුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා කොළඹ පැවැති සත්‍යග්‍රහයක් අතරතුර එහි පැමිණී මන්ත්‍රීවරයා සි‍ය ‍රථය මාර්ග නීති උල්ලංඝනය වන ලෙස නවතා තැබීම පිළිඹදව කොටුව පොලීසියේ පොලිස් නිලධාරියෙකුට බැණ වැදීම මාධ්‍ය වාර්තා කළා.

ඒ සම්බන්ධ විමර්ශනයක් සඳහා අද පෙරවරුවේ මන්ත්‍රීවරයා කොටුව පොලීසිය වෙත කැදවා තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

Share This