පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබා ගැනීම මාර්ගගත ක්‍රමයට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබා ගැනීම මාර්ගගත ක්‍රමයට

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීමට අදාළව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා අදාළ තොරතුරු ඇතුළත් කිරීමේ පහසුකම් සළසා ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා

ඒ අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ, මුල් පිටුවේ ඇති තොරතුරු සබැඳියට පිවිස අදාළ තොරතුරු සම්පූර්ණ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් ඇය ඉල්ලා සිටිනවා

එමෙන්ම, දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තොරතුරු කවුළුව හෙට (19) සහ අනිද්දා (20) දෙදින පෙ.ව. 9.30 සිට ප.ව. 3.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ක්‍රියාත්මක වනවා

එහිදී සියලුම මන්ත්‍රීවරයන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු සහ ලිපිලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළව ඇඟිලි සළකුණු ලබා ගැනීම සඳහා කටයුතු සූදානම් කර ඇති බැවින්, එයට පැමිණ සහභාගි වන ලෙස ද මහලේකම්වරිය මන්ත්‍රීවරයන්ගෙන් වැඩිදුරටත් දැනුම් දෙනවා

Share This