පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට අදාළ ඉල්ලීම් පොලිස්පතිට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට අදාළ ඉල්ලීම් පොලිස්පතිට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට අදාළ ඉල්ලීම් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා යොමු තිබෙනවා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේ, ඒ සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩ බලන පොලිස්පති‍වරයා වෙත එම ඉල්ලීම යොමු කර ඇති බවයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව අවශ්‍ය කටයුතු කරන ලෙස වරින් වර තමා වෙත යොමු ‍කරන ලද ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධව පොලිස්තපතිවරයා වෙත යොමුකළ බව කථානායකවරයා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළා

Share This