පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණයත් පහළට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණයත් පහළට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් හිමිව තිබූ රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණය රුපියල් 250,000 දක්වා අඩු කිරීමට කැබනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මීට පෙර 2023 වසරේ මැයි මස 15 වැනි දින කැබනට් මණ්ඩලය අනුමත කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් මිලියනයක සමූහ රක්ෂණයක් හිමිවන ලෙසයි.

 

මේ වසරේ ජනාධිපති තුමා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සදහා රුපියල් මිලියනයක රක්ෂණ සීමාව රු. 250,000 දක්වා අඩු කිරීමට යෝජනා කළා.

 

මෙම තීරණය ඔක්තෝබර් 09 වැනි දිනෙන් ඇරඹෙන ඉදිරි වර්ෂයන් වෙනුවෙන් ක්‍රියාවට නැංවෙනු ඇති.

Share This