
පාසල් රග්බි ජය නද පැතිරූ මහානාමයෙන් රග්බි පිටියට අලුත් සටහනක්
අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ලබන 06 වැනිදා ආරම්භවීමට නියමිතයි.
මෙම තරගාවලිය තරග සඳහා මෙරට ප්‍රධාන රග්බි පාසල් 18 ක් සුදුසුකම් ලබා ඇති අතර ඊට 2024 වසරේ බී කාණ්ඩයේ පාසල් රග්බි ශූරයින් වූ කොළඹ මහානාම විද්‍යාලයද එක්ව සිටිනවා.
ඊට අමතරව ඔවුන් 2024 අගමැති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියද ජයගනු ලැබුවා.
එලෙස ප්‍රබල ලෙස අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ඒ කාණ්ඩයට එක්වන නවිත් කන්නන්ගර ප්රමුඛ කොළඹ මහානම විද්‍යාලය මෙම තරගාවලියට මුහුණදීම සඳහා හොද සූදානමකින් පසුවනවා.
මෙම තරගාවලියේදී කොළඹ මහානාම විද්‍යාලය පළඳින නිල ජර්සිය එළිදැක්වීමද ඊයේ එම විද්‍යාලයේදී සිදුකෙරුණා.
එම මෙතෙක් මෙරට විද්‍යාල අතර එළිදක්වන ලද රග්බි ජර්සි අතර නවමු නිර්මාණයක් ලෙස බොහෝ පිරිසකගේ කතා බහට ලක්ව තිබෙනවා.
නිල ජර්සිය එළිදැක්වීමේ අවස්ථාවට මහානාම විද්‍යාලයේ විදුහල්පති ප්‍රභාත් විතානගේ, ආදි සිසුන් ඇතුලු පිරිසක් එක්ව සිටි අතර මහානාම විද්‍යාලයීය රග්බි සංගමය මෙය සංවිධාන කර තිබුණේ.
කොළඹ මහානාම විද්‍යාලය අන්තර් පාසල් රග්බි තරගාවලියේ මුහුණ දෙන පළමු තරගය ලබන 8 වැනිදා ඉසිපතන විද්‍යාලය සමගින් පැවැත්වීමට නියමිතයි.
ඊට අමතරව ඔවුන් තරග වදිනු ලබන අනෙක් පාසල් වනුයේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ සහීරා විද්‍යාලය, මහනුවර කිංග්සිවුඩ් විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයයි.