
පාසල් සිසුන්ට හොර සිගරැට් විකුණන ව්‍යාපරයක් මාට්ටු (VIDEO)
පාසල් සිසුන්ට විදේශයේ සිට නීති විරෝධීව ආනයනය කළ දුම්වැටි අලෙවි කළ ජාවාරමක් තණමල්විලදී නීතියේ රැහැනට හසුකරගෙන තිබෙනවා.
එහිදී දුම්වැටි අලෙවිකළ බවට සැකපිට ව්‍යාපාරිකයෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටිනවා.
අදාළ වෙළඳසල වටලා ව්‍යාපාරිකයා සන්තකයේ තිබූ දුම්වැටි තොගයක් සමඟින් දුම්වැටි විකුණා උපයාගත් රුපියල් 3,60000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ව්‍යාපාරිකයා විසින් එක් දුම්වැටියක් රුපියල් 100ක මුදලකට පාසල් සිසුවෙකුට ලබාදී ඇති අතර ඔහු දුම්වැටියක් රු 200ක මුදලකටයි පාසල් සිසුන්ට පාසලේ දී විකුණා ඇත්තේ.
පාසලේම සිසුවෙකු විදුහල්පතිවරයාට මේගැන ලැබාදුන් තොරතුරක් නිසා මේ සියල්ල හසුකර ගැනීමට හැක්ව ඇති බවයි වාර්තා වන්නේ.