පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිළිනා මියයයි – ඇය සමාදානයේ සැතපේවා
2019 අප්‍රේල් 21දා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටි තිදරු මවක මියගොස් තිබෙනවා.
ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා වසර 5කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ තිළිනා හර්ෂණී අප්පුහාමි නමැති කාන්තාවක්.
පාස්කු ත්රස්තයන්ගේ එක් ඉලක්කයක් වූ මීගමුව, කටුවපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අතර එම ප්‍රහාරයෙන් ඇයගේ පුත්‍රයෙක් ද ජිවිතක්ෂයට පත්වුණා.
ඇයගේ අවසන් කටයුතු අද(29) සවස සෙල්ලකන්ද සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.