
පැතුම් ගේ ශතකය සමග ශ්රී ලංකා පිලෙන් බංග්ලාදේශයට ප්රබල පිළිතුරක්
ශ්රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 495 ට දැවී ගියා.
අද දිනයේ බංග්ලාදේශ කණ්ඩායමේ ඉතිරි කවුළු 03 දවා ගැනීමත් සමග අසිත ප්රනාන්දු ලකුණු 86 ට කඩුළු 04 ක් දවා ගත්තා. මිලාන් රත්නායක සහ තරිදු රත්නායක අතරේ කඩුළු 03 බැගින් බෙදී ගියා.
මුෂ්ෆිකර් රහීම් ලකුණු 163 ක් සහ නජිමුල් හුසෙයින් සන්ටෝ ලකුණු 148 ක් ලැබුවා.
පිළිතුරු ඉනිම ඇරඹූ ශ්රී ලංකා කණ්ඩායම අද දිනය නිමා වනවිට කඩුළු 04 කට ලකුණු 368 ක් ලබාගෙන සිටියා.
මැතුම් නිශ්ශංක දැවී ගියේ අගනා 187 ක් ලබා සිටියදීයි.
දිනේෂ් චන්දිමාල් ලකුණු 54 ක් ලබා ගත්තා.
සිය අවසන් ටෙස්ට් තරගයට ක්රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39 කට දැවී ගියා.
කඩුල්ලේ නොදැවී රැදී සිටින කමිදු මෙන්ඩිස් ලකුණු 37 ක් සහ ධනංජය සිල්වා ලකුණු 17 ක් ද ලබා සිටිනවා.