පිලිපීන උප ජනපතිනියට එරෙහිව දෝෂාභියෝගයක්

පිලිපීන උප ජනපතිනියට එරෙහිව දෝෂාභියෝගයක්

පිලිපීනයේ උප ජනාධිපති සාරා ඩුටර්ටේට එරෙහි දෝෂාභියෝගයක් එරට පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් අනතුරුව එම දෝෂාභියෝගය ඉදිරිපත් කෙරුණු අතර ඊට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින් 306 දෙනාගෙන් 215 දෙනෙකු පක්ෂව ඡන්දය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය තුනෙන් එකක සීමාව ඉක්මවා යාමක්.

මෙම පනත් කෙටුම්පත දැන් සාමාජිකයින් 24 දෙනෙකුගෙන් යුත් සෙනෙට් සභාව විසින් විභාග කරනු ලබන අතර ඇය වරදකරු වුවහොත් ධුරයෙන් ඉවත් වීමට සිදුවනවා.

හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේගේ දියණිය වන සාරා ඩුටර්ටේ, මහජන අරමුදල් මිලියන ගණනක අයථා ලෙස භාවිතා කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

මීට අමතරව ජනාධිපති ෆර්ඩිනන්ඩ් “බොන්ග්බොන්ග්” මාකෝස් ජූනියර් ඝාතනය කරන බවට තර්ජනය කිරීම සමබන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇති අතර එම සියලු චෝදනා ඇය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

සාරා ඩුටර්ටේට පවසන්නේ තමන් දේශපාලන පළිගැනීමකට ලක්ව ඇති බවයි.

අදාළ දෝෂාභියෝගය සම්මත වුවහොත් පිලිපීන ඉතිහාසයේ දෝෂාභියෝගයට ලක් වූ පළමු උප ජනාධිපතිනිය බවට සාරා ඩුටර්ටේ පත්වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සෙනෙට් සභාව තීන්දුව ලබා දෙන තෙක් ඇය ධුරයේ රැඳී සිටිනු ඇති අතර නඩු විභාගයක් සඳහා තවමත් දිනයක් නියම කර නැහැ.

Share This