පිලිපීන ජාතිකයන් 40ක් ගාසා තීරයෙන් ඊජිප්තුවට

පිලිපීන ජාතිකයන් 40ක් ගාසා තීරයෙන් ඊජිප්තුවට

රෆා දේශසීමා හරස් මාර්ගය හරහා ගාසා තීරයෙන් ඊජිප්තුවට පලා යාමට හැකි වූ නවතම විදේශීය ජාතිකයන් අතර පිලිපීන ජාතිකයන් හතළිහක් සිටින බව එරට ජනාධිපති Ferdinand Marcos නිවේදනය කර තිබෙනවා

ඔවුන් දැන් කයිරෝ වෙත යමින් සිටින අතර එහිදී ඔවුන් ඉදිරි දිනවලදී නැවත අපේ රටට පැමිණෙනු ඇති බවයි ට්විටර් සටහනක් තබමින් පවසා තිබෙන්නේ

ගාසා තීරයේ ඉතිරිව සිටින පිලිපීන ජාතිකයින්ට ඉක්මනින් ඔවුන්ගේ පවුල් සමග දේශසීමා හරහා යාමට හැකි වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද ජනාධිපති Ferdinand Marcos වැඩිදුරටත් සඳහන් කරනවා

ඊයේ (07) දිනයේ රෆා දේශසීමා හරස් මාර්ගය හරහා විදේශීය ජාතිකයන් 600කට වැඩි පිරිසක් ගාසා තීරයේ සිට ඊජිප්තුවට ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

 

Share This