පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට

පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට

හිටපු පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට් මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක් ලැබුණු බව පිලිපීන රජය ප්‍රකාශ කිරීමෙන් පසු හොංකොං සිට පැමිණි හිටපු ජනාධිපතිවරයා මැනිලා ගුවන් තොටුපළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඩුටර්ටේ සිය ධුරයේ සිටි කාලය තුළ, පුළුල් හා කුරිරු මත්ද්‍රව්‍ය විරෝධී මර්දනයකට නායකත්වය ලබා දී ඇති අතර පොලිස් දත්ත වලට අනුව, 6,000 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සිදුවීම පිලිපීනයේ මානව හිමිකම් සඳහා වූ ජාත්‍යන්තර සන්ධානය මෙම අත්අඩංගුවට ගැනීම ඓතිහාසික මොහොතක් ලෙස දක්වා තිබෙනවා.

තවද ස්වාධීන නිරීක්ෂකයින් විශ්වාසය පළ කර ඇත්තේ ඩුටර්ටේගේ නීති විරෝධී ඝාතන සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවයි.

කෙසේවෙතත් 79 හැවිරිදි ඔහු මීට පෙර තමා අත්අඩංගුවට ගැනීමට නියමිත බවට පළ වූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමා සිරගෙට යාමට සූදානම් බවයි.

 

Share This