
පුංචි ඡන්දයට ඇප මුදල් තැන්පත් කිරීම ගැන නිවේදනයක්
එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඇප තැන්පත් භාරදුන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාරගැනීම ආරම්භ කළ දින සිට ඊයේ (06) දින ප.ව. 4.15 දක්වා පළාත් පාලන ආයතන 75ක් සඳහා ඇප තැන්පත් කිරීම් සිදුව ඇති බව සඳහන්.
ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 10 ඇප මුදල් තැන්පත් කර ඇති අතර, ස්වාධීන කණ්ඩායම් 38ක් එම පළාත් පාලන 75ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
එම නිවේදනය පහතින්,