පුටින් හිටපු වැග්නර් කමාන්ඩර් Andrei Troshev හමුවෙයි

පුටින් හිටපු වැග්නර් කමාන්ඩර් Andrei Troshev හමුවෙයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වැග්නර් කුලී හේවා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම හිටපු අණදෙන නිලධාරියෙකු වූ Andrei Troshev හමුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඔහු දැන් ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කරන බවයි ක්‍රෙම්ලිනය සඳහන් කර ඇත්තේ

Andrei Troshev යනු අගෝස්තු මාසයේදී ගුවන් අනතුරකින් මියගිය වැග්නර් ප්‍රධානී Yevgeny Prigozhin ගේ හිටපු සහායකයාද වනවා

යුක්‍රේනයේ ස්වේච්ඡා ප්‍රහාරක ඒකක අධීක්ෂණය කරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් Andrei Troshevගෙන් ඉල්ලා සිටි බවයි ක්‍රෙම්ලිනය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Andrei Troshev අමතමින් රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ යුක්‍රේනය සම්බන්ධයෙන් විවිධ සටන් කාර්යයන් ඉටු කළ හැකි ස්වේච්ඡා ඒකක ඇති බවත් සටන් කටයුතු හොඳම හා සාර්ථකම ආකාරයෙන් සිදුකිරීමටත් කල්තියා විසඳා ගත යුතු ගැටළු ගැනත් නිරන්තරයෙන් දැනුවත් බවයි

එමෙන්ම රුසියානු රාජ්‍යයට පක්ෂපාතී බවට දිවුරුම් දෙන ලෙස ජනාධිපතිවරයා පසුගිය මාසයේ වැග්නර් සහ අනෙකුත් රුසියානු පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන්ගේ සියලුම සේවකයින්ගෙන් ඉල්ලා සිටි බවද විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This