
පුද්ගලයින් 9 දෙනෙකුට දිවි අහිමි වූ චීනයේ බිහිසුණු අනතුර
කුණාටුවකට හසුවීමෙන් සංචාරක යාත්‍රා 4ක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් එක් අයෙකු අතුරුදන් වී තිබෙනවා.
එම යාත්‍රාවල ගමන් කරමින් සිටි 80 දෙනෙකුට අධික පිරිසක් ගංගාවකට වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
නියමිත ධාරිතාවය ඉක්මවා අදාළ යාත්‍රාවන් මගින් සංචාරකයින් රැගෙන යාම ද අනතුරට හේතු වී ඇති බව සඳහන්.
ඒ අනුව චීන බලධාරීන් විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.