
පුද්ගලයෙක් සැක කටයුතු පිස්තෝලයක්, මුගටි පැටවෙක් සමග අත්අඩංගුවට
මිලි මීටර් 9 පිස්තොලයක් සමග සුපෝගභෝගි ජීප් රිථයකින් පලා ගිය සැකකරු පොලිස් අත්අඩංගුවට. ජීප් රථය තුල මුගටි පැටියෙක්.
මිලි මීටර් 9 පිස්තෝලයක් සමග පොලිස් අණ නොතකා පලා ගිය සැකකරුවෙකු වටවල පොලිසිය මගින් මාර්ගය හරස් කර ෛඊයේ පස්වරුවේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පොළ , වැලිගල්ල ප්‍රදේශයේ සිට සැකකරු සිය බිරිද සමග නුවරඑලිය දක්වා ජීප් රථය ධාවනය කරවන අවස්ථාවේ වටවල පොලිසිය ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරින් ජීප් රථය නතර කර පරික්ෂා කරන අවස්ථාවේ ජීප් රථය තුල මිලි මීටර් 9 වර්ගයේ පිස්තොලයක් හමුව තිබෙනවා.
පසුව සැකකරුගෙන් පිස්තෝලය භාවිතා කිරිම සදහා බලපත්‍රයක් තිබේද යන්න පිළිබදව කරුණු විමසන අවස්ථාවේ සැකකරු ගිනි අවියද සමග ජීප් රථයෙන් නුවරඑලිය දෙසට පලා යාමටයි උත්සාහ කර ඇත්තේ.
සිද්ධිය පිළිබදව වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයාව දැනුවත් කිරිමෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ජීප් රථය අත්අඩංගුවට ගන්නා ලෙස වටවල, රොසැල්ල ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් රථවාහන අංශයේ නිළධාරින්ට දැනුම් දී තිබුණා.
පසු එම නිළධාරින් රොසැල්ල ප්‍රදේශයෙන් වෑන් රථයක් හරස් කර ජීප් රථය නතර කර සැකකරු ගිනි අවිය සමග අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.
සැකකරු ධාවනය කල ජීප් රථය පරික්ෂා කිරිමේදි ජීප් රථය තුල සැකකරුගේ නිවසේ හුරතලයට ඇති කලේ යැයි කියන මුගටි පැටවෙකු ද සිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබි පොලිස් භාරයට ගත් ගිනි අවිය සමග භාවිතා කිරිම සදහා මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩයක්ද තිබී සොයා ගෙන තිබුණා.
ගිනි අවිය භාවිතා කිරිම සදහා සැකකරු විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කල බලපත්රයක්ද පොලිසිය වෙත ඉදිරිපත් කර ඇතත්, එම බලපත්‍රය නීත්‍යානුකූව ලබා ගත් එක්කද යන්න පිළිබදව සනාථ කර ගැනීමට අවශ්‍ය නිසා සැකකරු, ගිනි අවිය සහ බලපත්‍රයක් නොමැතිව මුගටි පැටවෙකු ලග තබා ගැනීමේ චෝදනා යටතේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවා.