
පුනරුත්පත්තිය පිළිබඳ අන්තර්ජාතික කතිකාවතක් හෙට කැලණියේදී
”බුදු දහමෙහි සඳහන් පුනරුත්පත්තිය පිළිබඳ යළි විමසා බැලීමක්” හෙට (2025 ජුලි 26 වනදා) කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේදී පෙ.ව. 9 සිට ප.ව. 5 දක්වා පැවැත්වෙනවා.
බුදු දහම පිළිබඳ අන්තර්ජාතික කීර්තියට පත් විද්වතුන්, බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ සංඝ නායකවරුන් රැසකගේ මෙම ”බුදු දහමෙහි සඳහන් පුනරුත්පත්තිය පිළිබඳ යළි විමසා බැලීමක්” අන්තර්ජාතික සම්මේලනය වෙනුවෙන් එක්වෙනවා.
මෙම විද්වත් කතිකාවත බෞද්ධ සහෝදරත්ව පදනම, අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය සහ බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලය එක්ව සංවිධානය කරනු ලබනවා.
පාලි සහ සංස්කෘත සම්ප්‍රදායන් ද්විත්වයෙහි සඳහන් වන පුනරුත්පත්තිය සහ සංසාරය පිළිබඳ කතිකාවතක් ඇතිකිරීම මෙම සම්මේලනයේ අරමුණයි.
මෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයේ මහ ලේකම් අති පූජ්‍ය ශර්ත්සේ කෙන්සුර් ජන්ග්චුප් චෝදන් රින්පොචේ හිමියන් විසිනි.
මෙම අවස්ථාවට බුද්ධ ශාසන අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන අතර, ඉන්දියාව, භූතානය, ඇමරිකාව, ජපානය, නේපාලය, මියන්මාරය, තායිවානය, බංගලාදේශය සහ රුසියාව වැනි රටවලින් පැමිණෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලා, කථිකයින් සහ විද්වතුන් විශාල පිරිසක් දේශන පැවැත්වීමට නියමිතයි.