පුහුණු අභ්‍යාසයක් අතරතුර ගුවන් යානයක් කඩා වැටීමෙන් එක්සත් ජනපදයේ භටයින් 3ක් මරුට

පුහුණු අභ්‍යාසයක් අතරතුර ගුවන් යානයක් කඩා වැටීමෙන් එක්සත් ජනපදයේ භටයින් 3ක් මරුට

ඕස්ට්‍රේලියාවේ පුහුණු හමුදා අභ්‍යාසයක් අතරතුර ගුවන් යානයක් කඩා වැටීමෙන් එක්සත් ජනපද මැරීන් බළකායේ භටයින් තිදෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා .

MV-22B Osprey ගුවන් යානයේ මැරීන් බළකායේ භටයින් 23 දෙනෙක් සිටි බවයි පැවසෙන්නේ

ඉන් තිදෙනෙකු මිය ගොස් ඇති බවත් තවත් පස් දෙනෙකු තුවාල ලබා බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවත් සඳහන්

මේ අතර එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මියගිය සහ තුවාල ලැබූවන්ගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම අනතුර යාන්ත්‍රික දෝෂයක් නිසා සිදුවූවක් ද නැතහොත් වෙනත් ගැටලුවක් නිසා සිදුවූවක් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This