පුහුණු ගුවන් අනතුරකින් එක්සත් ජනපද සෙබළුන් 5ක් මරුට

පුහුණු ගුවන් අනතුරකින් එක්සත් ජනපද සෙබළුන් 5ක් මරුට

නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ දී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් සෙබළුන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකානු හමුදාව පවසනවා .

සාමාන්‍ය පුහුණු අභ්‍යාසයක කොටසක් ලෙස ඉන්ධන පිරවීමේදී යානය අනතුරකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගැටුමක් හටගැනීමත් සමගම එක්සත් ජනපදය කලාපය තුළ සිය මෙහෙයුම් වැඩිකර තිබෙන බවද සඳහන්

ජනාධිපති ජෝ බයිඩන් විපතට පත් වූවන්ගේ පවුල් වෙත සිය ශෝකය පළ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ගුවන් යානය පියාසර කළේ කොතැනින්ද යන්න හෝ අනතුර සිදුවූයේ කොතැනකද යන්න හමුදා ප්‍රකාශයේ සඳහන් කර නැහැ

 

Share This