පෙබ‍රවාරි සිට සැප්තැම්බර් අතර කාලයේ වාහන ලක්ෂ දෙක හමාරක් ආනයනය කරලා

පෙබ‍රවාරි සිට සැප්තැම්බර් අතර කාලයේ වාහන ලක්ෂ දෙක හමාරක් ආනයනය කරලා

වාහන ආනයනයට අවසර ලබාදුන් පසුගිය පෙබරවාරි 01 දා සිට සැප්තැම්බර් මාසයේ ඊයේ(08) දක්වා කාලය තුල මෙරටට ආනයනය කර යතුරු පැදි ඇතුළු වාහන දෙලක්ෂ දහතුන් දහස් පන්සියයක් පමණ නිදහස් කර ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ නව මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසුවා.

ඔහු අද පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ එම නිදහස් කළ වාහනවල වටිනාකම රුපියල් බිලියන 314 ක් බවත්, එයින් රජයට බදු වශයෙන් රුපියල් බිලියන 446 ක් හිමි වන බව‍යි.

හිටපු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වීමෙන් පසුව ඒ මහතා විසින් රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පත් කර තිබෙනවා.

1997 දී සහකාර රේගු අධිකාරීවරයෙකු ලෙස සේවයට බැඳුනු පුංචිහේවා මහතා දැනට තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරනවා.

පේරාදෙනිය සරසවියෙන් විද්‍යාවේදී උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය කළමණාකරනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද හිමිකර ගෙන ඇති ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක්.

Share This