පේරාදෙනියේ පස් කන්දකට යටවී අයෙක් මරුට

පේරාදෙනියේ පස් කන්දකට යටවී අයෙක් මරුට

පේරාදෙණිය පොලිස් වසමට අයත් සූරියගොඩ ප්‍රදේශයේ පස් කන්දකට යටවූ 53 හැවිරිදි පුද්ගලයකු එම ස්ථානයේදීම මරුමුවට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් ආරංචි මාර්ග සදහන් කලේ මෙම පුද්ගලයා සූරියගොඩ ප්‍රදේශයේම පදිංචි අවිවාහක පුද්ගලයෙකු බවයි.

ඔහු අද (20) පෙරවරුවේ වර්ෂාව පවතින වේලාවේ ඇළ මාර්ගයක් අසලින් ගමන් ගන්නා අවස්ථාවේ විශාල පස් කන්දක් කඩා වැටී ඊට යටව ඇති බව වාර්තා වුණා.

ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ දැඩි පරිශ්‍රමයක් දරා විනාඩි තිහකින් පමණ කාලයකින් සිද්ධියට මුහුණ පෑ පුද්ගලයා ගොඩ ගත්තද ඒ වන විටද ඔහු මරණයට පත්ව සිටි බවයි.

 

Share This