පේරු හිටපු ජනපතිට වසර 16කට පසු ලැබුණු නිදහස

පේරු හිටපු ජනපතිට වසර 16කට පසු ලැබුණු නිදහස

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති Alberto Fujimori, වසර 16කට පසු බන්ධනාගාරයෙන් නිදහස් කර තිබෙනවා.

85 හැවිරිදි වියේ පසු වූ ඔහු මානුෂීය හේතූන් සැලකිල්ලට ගනිමින් මෙලෙස නිදහස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

1990 වසරේ සිට 2000 වසර දක්වා Alberto Fujimori පේරු හි ජනාධිපති ධුරයේ කටයුතු කළා.

ඔහුගේ පාලන කාලය තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු වූ බවට චෝදනා කරමින් බන්ධනාගාරගත කර තිබුණා.

Share This