
පොතුහැර – කුරුණෑගල අතර දුම්රිය මාර්ගයේ, සැතපුම් 53 දම්වැල් 31 ස්ථානයේ හරස් මග හරහා ජූලි 31 සිට අගෝස්තු 03 දක්වා රථවාහන ධාවනයට බාධා
පොතුහැර, කුරුණෑගල අතර දුම්රිය මාර්ගයේ සැතපුම් 53 දම්වැල් 31 ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් කිරීමට සිදුව ඇති නිසා මේ මස 31 සහ අගෝස්තු මස 01 වැනිදා පෙ.ව. 9.00 සිට ප.ව. 6.30 දක්වා අතර කාලය තුල අර්ධ වශයෙන් රථවාහන ගමනා ගමනයට බාධා පැමිණෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරන එම දෙපාර්තමේන්තුව සදහන් කළේ අගෝස්තු 02 දින පෙ.ව. 9.00 සිට ඊට පසු දින වන අගෝස්තු 03 වැනිදා පෙ.ව. 6.00 දක්වා කාලය මාර්ගය සම්පූර්ණයෙන් වසා තැබෙන බවයි.
අගෝස්තු 03 වැනිදා පෙ.ව.9.00 සිට ප.ව.6.30 දක්වා කලය අර්ධ වශයෙන් මහා මර්ගය ගමනා ගමනයට වරින් වර වසා තැබෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.
මෙම කාලසීමාව තුල ඇති විය හැකි මාර්ග තදබදය මගහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.