පොදු ඉරණමක් සහිත ආසියානු ශාන්තිකර ප්‍රජාව පොදු ප්රයත්නයෙන් ගොඩනැංවීමට චීනයේ දායකත්වය
පොදු ඉරණමක් සහිත, පොදු-ජයග්‍රාහී බවින් යුත් ආසියානු ශාන්තිකර ප්‍රජාව පොදු ප්රයත්නයෙන් ගොඩනැංවීමට ඉදිරිපත් වන බව චීනය පවසනවා.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළා.
ආසියානු ශාන්තිකර කලාපය යනු ගෝලීය වශයෙන් උද්යෝගවත් ආර්ථික කලාපයක් මෙන් ම ලෝක ආර්ථික වර්ධනය සඳහා වන වැදගත් එන්ජිමක් බවයි Lin Jian මහතා එහිදී සඳහන් කළේ.
ආසියානු ශාන්තිකර කලාපය, ගෝලීය සංවර්ධනය සඳහා වන ස්ථාවර සාධකයක් වන්නේ, කලාපීය රටවල් සාමකාමී සංවර්ධන ප්රවණතාවන්ට අනුකූල වෙමින් අන්‍යෝන්‍ය ජය සහ පරාජයේ දී එකිනෙකාට එරෙහි නොවීම හේතුවෙන් බව ද එතුමා මෙහිදී අවධාරණය කළා.
එවැනි දුෂ්කරතා රැසක් මධ්‍යයේ හිමි කරගෙන ඇති මෙම ප්‍රතිලාභය විවිධ පාර්ශ්වයන් අගය කළ යුතු බව ද ඔහුගේ අදහස වී තිබෙනවා.
එමෙන්ම ඇපෙක් නායකයින්ගේ 31වැනි නිල නොවන සමුළුව මත සැබෑ බහුපාර්ශ්වවාදයෙන් යුතුව අඛණ්ඩ ව එල්බ සිටිමින් ආසියානු ශාන්තිකර කලාපයට ගුණාත්මක සංවර්ධනයේ හා විවෘතභාවයේ වැඩි අවස්ථා ලබා දීමට චීනය සූදානම් බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.