
පොලිස්පති දේශබන්දු ධූරයෙන් ඉවත් කිරීම පර්ලිමේන්තුවේ සම්මතයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 177 කින් කින් අද(05) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 177 ක් හිමි වූ අතර විරුද්ධව ඡන්ද හිමි වූයේ නෑ.
සමගි ජනබල වේගයේ මන්ත්රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නා.
ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා රාමනාතන් මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැහැ.