පොහොර ඉල්ලා දඹුල්ලේ ගොවියොත් පාරට
පොහොර හා කෘෂිරසායන ඉල්ලා මහවැලි ව්‍යාපාරයේ ගොවීන් පිරිසක් අද දඹුල්ල නගරයේදී විරෝධතාවක නිරත වුණා.
ගොවි සංවිධාන කිහිපයක සාමාජිකයින් දඹුල්ල ගම්උදාව පිටියේ සිට විරෝධතා පාගමනකින් පැමිණ දඹුල්ල නගරයේදී උද්ඝෝෂනයේ නිරත වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.
ඔවුන් කියා සිටින්නේ කාබනික පොහොර භාවිතය සඳහා ඔවුන්ගේ කිසිදු අකමැත්තක් නොමැති බවයි.
කෙසේ වෙතත් කාබනික පොහොර භාවිත කිරීමට දියත් කළ වැඩපිළිවල ගැටළු සහගත බවයි විරෝධතාවයේ නිරත ගොවීන් කියා සිටියේ.