
පොළොන්නරුවේ කුඹුරකින් මෝටාර් උණ්ඩයක් සොයාගනී
පොළොන්නරුව පොලිස් වසමේ උනගාලාවෙහෙර විරුවන්ගම ප්රදේශයේ කුඹුරක තිබී මෝටාර් උණ්ඩයක් හමුවී තිබෙනවා.
කුඹුරු යායක තිබී, කුඹුරෙහි වැඩ කිරීමට පැමිණි පුද්ගලයකුට හමුවී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අදාල මෝටර් උණ්ඩය නිශ්ක්රිය කිරීම සඳහා පොලිස් විශේෂකාර බලකාය පැමිණ රැගෙන ගොස් තිබෙනවා.
මේ මෝටර් උණ්ඩය මෙම කුඹුරු යායට පැමිණි ආකාරය සොයා ගැනීම සඳහා සිද්ධිය සම්බන්ධව පොළොන්නරුව පොලිසිය පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා.


